Site icon Gossip Kade

සම්ප්‍රේෂණ කුලුනු වල තඹ කේබල් කැපූ අයෙකු අත්අඩංගුවට

මීරිගම දුම්රිය ස්ථානය ආසන්නයේදී දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල හා ට්‍රාන්ස්ෆෝමර්වල තඹ වයර් කපා සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මීරිගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සන්තකයේ තිබී සොරකම් කරන ලද වයර් අඩි 457ක් සහ වයර් උණුකර ලබාගත් තඹ කිලෝ 40ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු විසින් මීරිගම, නාල්ල, දොම්පේ, අත්තනගල්ල, පල්ලෙවෙල, නිට්ටඹුව, ගම්පහ, සහ විරගුල පොලිස් වසම්වල පිහිටි දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල හා ට්‍රාන්ස්ෆෝමර්වල තඹ වයර් කපා ඇති බවටද පොලීසියට අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධව මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version