Site icon Gossip Kade

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙන් දැනුම්දීමක්

එළැඹෙන සංචාරක සමයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ආරාධනය කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ සියලුම සංචාරකයින් ට ආරක්ෂාකාරීව දිවයිනේ සුන්දරත්වය භුක්ති විඳීමට හැකි බවයි.

සියලුම සංචාරකයින් මෙරට රැඳී සිටින කාලය තුළදී ඉහළම අයුරින් ආරක්ෂාව ලබාදෙන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

එසේම ආරක්ෂක අමාත්‍යංශය ද රටතුළ සිටින සංචාරකන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පැවසීය.

Exit mobile version