Site icon Gossip Kade

වාරියපොල පාසලකට බඹර ප්‍රහාරයක්

වාරියපොල නගරයේ පිහිටි පාසලක ගසක තිබූ බඹර කූඩයක් ඊයේ (14) උදෑසන ඇවිස්සී තිබෙනවා.

බඹරු ඇවිස්සි ළමුන්ට පහර දී ඇති අතර ඇතැම් ළමුන්ට තුවාලද සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එලෙස තුවාල ලැබූ ළමුන් 37 දෙනෙකු වාරියපොල රෝහළට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් එම ළමුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

අනතුරුව එම බඹර කූඩය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස පාසල් විදුහල්පතිවරුන් ඇතුළු පිරිස විසින් කුරූණෑගල වන ජීවි කාර්යාලය දැනුවත් කර තිබෙනවා.

Exit mobile version