Site icon Gossip Kade

ලෝක සූර ආර්ජෙන්ටිනාවට නොසිතූ පරාජයක්JULY 25, 2024

ලෝක සූර ආර්ජෙන්ටිනාව හෝ අනු සූර ප්‍රංශය එම කණ්ඩායමම සමඟ ඔලිම්පික් තරග බිමේ දකින්නට නැහැ.එහෙත් දියුණු සහ දක්ෂයන් බහුල පාපන්දු සංස්කෘතීන් සහිත රටවල් හැටියට ඔවුන් අන් රටවලට අභියෝගයක් බව අවිවාදිතයි.ඊයෙ (ජූලි 24) ඔලිම්පික් පාපන්දු තරග ආරම්භක දවසේම මේ දක්ෂතාවයන්ට අභියෝග කරන මට්ටමට ලෝකයත් වර්ධනය වෙමින් බව පෙන්වමින් ආර්ජෙන්ටිනාව මොරොක්කෝව ඉදිරියේ 2-1 ක් ලෙස පරාජයට පත් වුණා.බොහෝ දෙනා දුටුව පරිදි ආර්ජෙන්ටිනාව දෙවන ගෝලයක් ලබා ගත්තත් එය නීත්‍යානුකූල නොවන බව විනිසුරු පැවසීමත් සමඟ එම ගෝලය ආර්ජෙන්ටිනාවට අහිමි වෙනවා.

මේ අතර ප්‍රංශය සිය සත්කාරකත්වය යටතේ පවත්වන ඔලිම්පික් උළෙලේ පළමු සහභාගීත්වය ඇමෙරිකාවට එරෙහිව ජයකින් සපුරා ගත්තා.ඒ ඇමෙරිකාවට එරෙහිව ගෝල 3-0 ක ජයක් ලබමින්.ඊයේ දවසේ හොඳම ජයග්‍රහණය ලබා ගත්තේ ජපානය වන අතර ඔවුන් 5-0 ක් ලෙස පැරගුවේ කණ්ඩායම පරාජය කළා.ඊයේ දවසේ සියලු තරගවල ගෝල සටහන් මේ සමඟ වන ඡායාරූපයේ දැක්වෙනවා.

Exit mobile version