Site icon Gossip Kade

ලොව අංක එකේ ධනවත් ඉලොන් මස්ක් ශ‍්‍රී ලංකාවට..

ලෝකයේ අංක එකේ ධනවතෙකු වන ඇමරිකානු සුප‍්‍රකට ව්‍යාපාරික ඉලොන් මස්ක් මහතා ලබන මාසයේදී මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

ඒ ශ්‍රී ලංකාව තුළ ඔහුගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ආරම්භ කිරීම සඳහාය.

ශ‍්‍රී ලංකාවේ මෙම අන්තර්ජාල පහසුකම් සේවා සැපයීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් මේ වන විටත් අනුමැතිය ලබාදී තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිසම ද ඊට අනුමැතිය ලබා දී ඇත.

ස්ටාර්ලින්ක් මෙහෙයුම් සඳහා අවශ්‍ය නීති රීති මේ වන විට කඩිනමින් සකස් කරමින් පවතී.

ඒ අනුව එලොන් මස්ක් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අගෝස්තු මාසයේදී බොහෝ දුරට සිදුවීමට නියමිතව තිබේ.

Exit mobile version