Site icon Gossip Kade

ලබන වසරේදී පාසල් සිසුන්ට සම්පූර්ණයෙන්ම නොමිලේම නිල ඇදුම් ලබා දෙයි

ලබන වර්ෂය සදහා පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇදුම් සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබා දීමට චීන රජය එකගතාවය පල කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළා.

ඒ හේතුවෙන් රජයට රුපියල් බිලියන හයක මුදලක් ඉතිරි කර දීමට හැකි වී ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පවසන්නේ.

මේ අනුව ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡා සිදු කර අවශ්‍ය රෙදි පිළිබදව දැනුම් දී ඇති බැවින් අවශ්‍ය රෙදි ප්‍රමාණය දැනුම් දීමෙන් පසු අදාල රෙදි තොගය මෙරටට ලබා දීමට චීන රජය එකගතාවය පල කර ඇත.

එමෙන්ම ප්‍රාථමික පන්ති සදහා ලබා දෙන දිවා ආහාර වැඩසටහන ලබන වසරේ සිට තවත් ව්‍යාප්ත කරමින් තවත් පන්ති කිහිපයක් සදහා ලබා දීමට සැලසුම් සකස් කර තිබෙනවා.

FacebookTwitterWhatsAppTelegramXShare

Exit mobile version