Site icon Gossip Kade

රැඳවියන් පළායෑමේ සිද්ධියට බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩතහනම්

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවූවන් සිව්දෙනෙකු පළායෑම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි දිසානායක මහතා සඳහන් කළේ, පසුගිය ඔක්තෝම්බර් 01 වන දින ප්‍රධාන ජේලර්වරයාගේ උපදෙස් මත නියාමක නිලධාරියෙකු භාරයේ බන්ධනාගාර පිටත පරීශ්‍රයේ පවිත්‍රතා කටයුතුවල රැඳවූවන් දස දෙනෙකු යොදා ඇති බවය.

එම අවස්ථාවේදී රැඳවූවන් සිව්දෙනෙකු බන්ධනගාර නිලධාරීන්ගෙන් මිදී පළාගොස් තිබේ.

බන්ධනාගාර අධිකාරීවරයාගේ අනුමැතියකින් හෝ විමසීමකින් තොරව පවිත්‍රතා කටයුතු සඳහා මෙම රැඳවූවන් පිටතට ගැනීමට ප්‍රධාන ජේලර්වරයා කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පැනගොස් ඇති සිව්දෙනා අධිකරණයේ නඩු සහිත රැඳවූවන් වන අතර, වසර 21 වැඩි සිරදඬුවමක් හා විසඳීමට ඇති නඩු 02ක් සහිත රැඳවූවන් ද ඒ අතර වන බව සඳහන්ය.

මෙලෙස පැනගිය සිව්දෙනාගෙන් තිදෙනෙකු නැවත අත්අඩංගුවට ගැනීමට හැකි ව තිබේ.

මාතර බන්ධනාගාර සහකාර අධිකාරීවරයාගේ මූලික විමර්ෂණයේ නිර්දේශයට අනුව සිරකරුවන් පිටතට ගැනීමට අනුමැතිය දුන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා, පවිත්‍රතා කටයුතු සඳහා සිරකරුවන් යොමු කළ දෙවන පෙළ ජේලර්වරයා සහ පවිත්‍රතා කණ්ඩායම භාරව සිටි නියාමකවරයා මූලික විමර්ශනයට යටත්ව වැඩතහනමකට ලක්කර තිබේ.

Exit mobile version