වසර 26 ක් විරුද්ධ පක්ෂයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙවරත් පරාජය භාරගැනීමට අනිවාර්යෙන් සිදුවෙන බවත් ඔහුගේ දේශපාලන ජිවිතයේ ඔහු පරාජිතයෙක් බවත් ජනතා මතයට විරුද්ධව යමින් බලයේ රැඳීසිටිමට නොහැකි බවත් නියත පරාජයක් ඉදිරියේ තවත් දේශපාලන උප්පරවැට්ටි නොදා ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණය පවත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් රටේ ජනාධිපති ලෙස සජිත් ප්‍රේමදාස මහතා නියත වශයෙන් පත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.Sri Lanka Latest News
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර මහතා , G L පිරිස් මහතා , එස් එම් මරික්කාර් මහතා සහ මුජිබර් රහුමාන් මහතා සහභාගි වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා,
‘‘ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය ලැබිලා තිබෙනවා. ඒ අනුව මේ සතිය තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා. මැතිවරණය නියත වශයෙන්ම තිබෙන බව දැනගෙන ජනාධිපතිවරයා මහජන මුදල් අයථා ලෙස පරිහරනය කරනවා. ඒ වගේම ජනාධිපතිවරයා ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා පොලිස් බලය නීති විරෝධීව යොදාගෙන තිබෙනවා. පොලිසියේ සිවිල් ආරක්ෂක කමිටු මාර්ගයෙන් මැතිවරණ ව්‍යාපාරය සඳහා රැස්වීම් කැඳවීමට ජනාධිපතිවරයා කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම පොලිස් ආරක්ෂක කමිටු රැස්වෙලා ජනාධිපතිවරයා වෙනුවෙන් රැස්වීම් පවත්වන්න කියලා පොලිස්පතිවරයා චක්‍රලේඛ නිකුත් කරලා තිබෙනවා. මේ සියල්ලට වියදම් කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුව. මේ වැඩකටයුතු පිළිබඳව සමගි ජනබලවේගය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. නමුත් තවම එම කටයුතු නවතවන්න කටයුත් කරලා නෑ.
ඒ වගේම රජයේ මුදල් යොදාගෙන ජනතාවට බඩු මුලු ලබාදෙනවා , රජයේ මුදල්වලින් නොයෙක් ආධාර ලබාදෙනවා. මැතිවරණ අල්ලස් ලෙස මෙලෙස භාණ්ඩලබාදීම වැරදි කටයුත්තක්. අමාත්‍යාංශවල මුදල් බලය තිබෙන්නේ ඇමැතිවරයාට නෙවෙයි. මුදල් බලය තිබෙන්නේ අමාත්‍යාංශයේ ලේකම් වරයාට. මේ දේවල් ප්‍රකාශ කරන්නේ රටේ සම බිමක් සම අයිතියක් ඇති කළ යුතු නිසයි.
ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 ක් බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ 22 වන සංශෝධනයක් ගේනවා. මැතිවරණයක් පැවැත්වීමට ආසන්න මොහොතක ජනාධිපතිවරයා විවිධ උප්පරවැට්ටි යොදනවා. නමුත් අදවන විට ජනාධිපතිවරයා ගන්නා සියලු ප්‍රයත්නයන් ව්‍යර්ථ වෙලා තිබෙනවා.ජනාධිපතිවරයාට අද ඉල්ලා අස්වෙන්න තමයි සිද්ධ වෙලා තිබෙන්නේ.
අවුරුදු 26 ක් විරුද්ධ පක්ෂයේ හිටපු ජනාධිපතිට මෙවරත් පරාජය වෙන්න තමයි සිදුවන්නේ. ඔහු දේශපාලන ජිවිතයේ පරාජිතයෙක්. බලය හැමදාම රඳවාගන්න නොහැකියි. නියත පරාජයක් ඉදිරියේ තවත් දේශපාලන උප්පරවැට්ටි නොදා ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණය පවත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව සැප්තැම්බර් වනවිට රටේ ජනාධිපති ලෙස සජිත් ප්‍රේමදාස මහතා නියත වශයෙන් පත්වෙනවා.‘‘
පාර්ලිමේන්තු මන්ත්‍රී G L පිරිස් මහතා,
‘‘රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනතාවට අප්‍රිය වූ නායකයෙක්. ඒ නිසා ජනතා කැමැත්තට එරෙහිව නොයෙක් උප්පරවැට්ටි භාවිතා කරමින් බලයේ එල්ලි සිටිම තමයි ජනාධිපතිවරයාගේ අරමුණ. එක්සත් ජාතික පක්ෂයේ සභාපති කිව්වා අවුරුදු 10 ක් රට පාලනය කරන්න ජනාධිපතිවරයාට ලබාදිය යුතුයි කියලා. එක්සත් ජාතික පක්ෂයේ ලේකම් කිව්වා අවුරුදු දෙකකට ජනාධිපතිවරණයක් නෑ ඒ අවුරදු දෙක තුළ ජනාධිපතිවරයා රට පාලනය කළ යුතුයි කියලා. ඉන්පසුව ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කිරීමට ජනාධිපතිවරයාගේ අතකොළු දෙකක් කටයුතු කළා නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩු දෙකම විසි කරලා දාලා ඔවුන්ට නඩු ගාස්තු ලෙස මුදල් ගෙවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. එ් වගේම හිටපු නීතිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කරන්න ජනාධිපතිවරයා දැවැන්ත උත්සහ කළා.ජනාධිපතිවරයාට හිතවත් අයෙක් නිතිපති ධුරයේ සිටිම වාසි සහගත කටයුත්තක්. නමුත් එය සිදු කරගැනීමට ජනාධිපතිවරයාට නොහැකි වුණා. ඉන්පසුව 22 සංශෝධනයක් ගෙන එන්න ජනාධිපතිවරයා කටයුතු සිදුකරලා තිබෙනවා. 22 සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තුනෙන් දෙකක බහුතර බලයක් ලබාගන්න ඕන. එසේ බහුතර බලයක් ලබාගත්තොත් ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි. ජනමත විචාරණයක් සඳහා රුපියල් මිලියන 10,000 ක් වියදම් වෙනවා. නමුත් ජනාධිපතිවරයාගේ ඒ ප්‍රයත්නයත් සාර්ථක වෙන්නේ නෑ. 22 සංශෝධනය පිළිබඳව ආණ්ඩුවේ පාර්ශ්ව තුළත් විවිධ මතභේද තිබෙනවා. ඒ වගේම ආණ්ඩුවේ බහුතරයක් මේ සඳහා සහාය ලබා දෙන්නේ නෑ.
ජනාධිපතිවරණය කල් දා ගැනීමට විවිධ උත්සාහයන් ජනාධිපතිවරයා දරලා තිබෙනවා. ඒ අනුව මේ මොහොතේ ජනාධිපතිවරයා සිදුකළ යුත්තේ ජනතා මතයට හිස නමලා ගෙදර යන එක. ඒ අනුව රට කැමැති නායකයෙක් පත් කරගැනිමට පුලුවන්. ඒ වගේම ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්විය යුතුයි. ව්‍යවස්ථාවේ ජනාධිපතිවරණය සඳහා දින නියම කරලා තිබෙනවා. වෙනත් කිසිදු මැතිවරණයක් අනිවාර්යෙන් පැවැත්විය යුතුයි කියලා සඳහන් වෙන්නේ නෑ. ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයෙ නඩු තින්දු 3 ක් පෙන්වා දිලා තිබෙනවා. ජනධිපතිධුරය සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සිදුරක් තිබෙනවානම් ඇයි ජනාධිපතිවරයා වසර 9 ක් කිසිවක් සිදුනොකළේ. 19 සංශෝධනය ගෙනාවෙත් රනිල් වික්‍රමසිංහ මහතා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පරස්පරතාවයක් තිබෙනවානම් ඒ ගැන කලින් ප්‍රකාශ නොකර ජනාධිපතිවරණය ආසන්නයේ නැති ප්‍රශ්න ඇති කරන්න උත්සහ කරන්නේ ඇයි කියන ප්‍රශ්නය මතුවෙනවා.‘‘