Site icon Gossip Kade

රනිල්ගේ තවත් කුමන්ත්‍රණයක් පිළිබඳ ප්‍රබල ප්‍රචාරයක්

පොහොට්ටු පක්ෂයේ සහයෝගය රනිල් වික්‍රමසිංහ වෙත පක්ෂයක් හැටියට ලබා ගත නොහැකි වුවහොත් ඉදිරි දින 51 තුළ මහ මැතිවරණයක් පැවැත්වීමට සිදු වනු ඇති බවට දෙමළ මාධ්‍යයේ පුවත්පත් යොදා ගනිමින් විශේෂ ප්‍රචාරයක් දියත් කර තිබේ.

ඊයේ (ජූලි 31) නිකුත් කරන ලද තිනකුරල් පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් මේ බව ප්‍රචාරය කර තිබිණි. එහි වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ පක්ෂයක් ලෙස නිල වශයෙන් පොහොට්ටුවේ සහයෝගය රනිල් වික්‍රමසිංහ වෙත ලබා ගත නොහැකි වුවහොත් පාර්ලිමේන්තුව විසිරුවා හැර මැතිවරණයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ගවලින් හෙළි වන බව ය.

සිංහල සමාජය දැඩි අවිනිශ්චිතතාවකට පත් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස ගෙන ගිය ප්‍රචාරයන් සියල්ල අසාර්ථක වීමෙන් පසුව එම ප්‍රචාර ම දෙමළ සමාජය වෙත යොමු කර ඇති බව මේ මගින් පැහැදිලි වේ.

Exit mobile version