Site icon Gossip Kade

රක්‍ෂණ සංස්ථා සභාපති ඉල්ලා අස්වේ…

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ රොනල්ඩ් පෙරේරා මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත ඊට අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ඒ මහතා විසින් අද දින යොමු කර ඇත.

අදාළ ධුරය සඳහා රොනල්ඩ් පෙරේරා මහතා පත් කරන ලද්දේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ පාලන කාලය තුළදීය.

Exit mobile version