Site icon Gossip Kade

යල අස්වැන්නේ අග්‍රඵලය දළදා වහන්සේට

යල කන්නයේ නෙළා ගත් අස්වැන්නේ අග්‍රඵලය දළදා වහන්සේ වෙත පූජා කිරීමේ අරමුණින් සිදුකරන ‘සිරි දළදා යල් අස්වනු පූජාව’ දළදා සමිඳුන් උදෙසා තේවාව භාරව කටයුතු කරන අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සි ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ඊයේ (15) පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්විය. ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය ඇතුළු අංශ කිහිපයක් එක්ව සංවිධානය කළ මෙම යල් අස්වනු පූජාව පැවැත්වූයේ 9 වැනි වතාවටය.

Exit mobile version