Site icon Gossip Kade

මාස 6න් සොරකම් කල සියළු ධනය යලි පවරා ගන්නවා

මෙරටින් සොරකම් කරන ලද සෑම සතයක්ම මාස හයක් ඇතුළත ජන සතු කරන බව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක නලින් හේවගේ මහතා සඳහන් කරයි.ඒ සඳහා අවශ්‍ය කරන පත්කිරීම් මැතිවරණ සමය හේතුවෙන් සිදුකිරීමට නොහැකි බවද පැවසූ ඔහු නව පත්කිරීම් සදහා මැතිවරණ කොමිසම අවසර නොදෙන බවත් පවසයි.අවශ්‍ය තැන් වලට පත් කළ යුතු සුදුසු දක්ෂයන් සිටිනා බවත් මැතිවරණයෙන් පසු එම පත් කිරීම සිදුකර මෙම සොරකම් කරන සියලු ධනය ජන සතු කරන බවත් ඔහු පැවසුවේය.ජාතික ජන බලවේලයේ මහ මැතිවරණ ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Exit mobile version