Site icon Gossip Kade

මාලිමා ආණ්ඩුවේ පොලිස් ඇමති මමයි.. ජනතාවට සහෝදරයා කියන පොලිසියක් හදනවා..

ජාතික ජන බලවේග ආණ්ඩුවක පොලිසිය බාර අමාත්‍යවරයා බවට පත්වීමට තමන් කැමති බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

මහජන ආරක්ෂක අමාත්‍ය, මහජනයා බලගැන්වීමේ අමාත්‍ය වැනි නමක් වුවද පොලිස් දෙපාර්තමේන්තුව වැනි ආයතන ඊට ඇතුළත් විය යුතු බවද හෙතෙම කියා සිටී.

රටේ ජනතාවට අංකල්, සහෝදරයා කියන පොලිසියක්, පොඩි දරුවන් දුටුවාම බදා ගන්නා සමාජයක් දැකීමට තමන් පුදුම ආසාවකින් සිටින බවද ඔහු පවසයි.

අන්තර්ජාල නාලිකාවකදී සාකච්චාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.

Exit mobile version