Site icon Gossip Kade

මාලිමාවට 50% ස්ථිරයි.. ජනාධිපතිකම ෂුවර්..- අනුර

ඉදිරි ජනාධිපතිවරණයේදී අනිවාර්යෙන්ම තම පක්ෂයට සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට හැකි බව ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජනාධිපති අපේක්ෂකයන් කොපමණ ඉදිරිපත් වුවද ඡන්ද දායකයන් ජනාධිපතිවරණයකදී කේන්ද්‍රගත වෙන්නේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙකු වටා පමණක් බවද ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව ජාතික ජන බලවේගය එම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර සිටින බවත් පැවසූ ඔහු අනිවාර්යෙන්ම වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තම පක්ෂයට ජනාධිපති ධුරය දිනාගත හැකි බවත් කියා සිටියේය.

පෞද්ගලික රූපවාහින නාලිකාවක් සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී

Exit mobile version