Site icon Gossip Kade

මාතර තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ පන්ති 10කට අද නිවාඩු

නාය යාමේ අවදානමක් හේතුවෙන් මාතර තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ පන්ති 10ක සිසුන්ට අද (24) දිනයේ නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම විද්‍යාලයේ 06 වැනි ශ්‍රේණිය සහ 08 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සියලුම දරුවන්ට අද මෙලෙස පාසල් නිවාඩු ලබාදෙනු ඇති.

තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ 06 සහ 08 ශ්‍රේණිය පවත්වාගෙන යනු ලබන දෙමහල් ගොඩනැගිල්ල පිටුපස පස් කන්දක් සුළු නායයෑමේ තත්ත්වයක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙලෙස පන්ති 10කට නිවාඩු ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

Exit mobile version