Site icon Gossip Kade

බැදුම්කර ණයවලට රජය වැඩිපුර බිලියන 129ක් ගෙවලා..

2024 වසරේ පළමු මාස 06 තුළ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් මගින් ලබාගත් ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 129ක ණය මුදලක් රජය ගෙවා දමා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

එම කාලය තුළ රජය බැඳුම්කර සහ භාණ්ඩාගාර බිලපත් මගින් ලබාගෙන ඇත්තේ රුපියල් බිලියන 4852කි.

එම කාලය තුළ රුපියල් බිලියන 4981ක ණය ප්‍රමාණයක් ගෙවා දමා ඇතිබව එම අමාත්‍යංශය සඳහන් කරයි.

සියලු පාර්ශ්ව විමසනුයේ ණය ලබාගැනීම පිළිබඳ සංඛ්‍යා ලේඛන පමණක් වුව ද, ණය ගෙවා දැමීම ද රජය නිසි පරිදි සිදුකරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

Exit mobile version