Site icon Gossip Kade

බහුදින ධීවර යාත්‍රා දෙකක් ගිනිගෙන දැවෙයි

කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රා දෙකක් ගිණිගෙන දැවී ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .

අද උදේ 7. 30 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්න හට ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.

අනෙක් ධීවර යාත්‍රා වලට ගින්න පැතිර යාම වැලැක්වීමට ධීවරයින් කටයුතු කරමින් සිටිති. ධීවර යාත්‍රා කුඩාවැල්ලේ පදිංචි ජයන්ත ජයවීර නමැති අයට අයත් බව පොලිසිය කියයි .

තංගල්ල මූලස්ථාන පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි.

Exit mobile version