Site icon Gossip Kade

බලාපොරොත්තුවෙන් සිටියත් කමල් අද්දර ආරච්චිට මාලිමාවෙන් නාමයෝජනා දීලා නෑ..

පැවති ජනාධිපති මැතිවරණයේදී ජාතික ජන බලවේග වේදිකාවේ කථිකයකු බවට පත් පත්වී සිටි රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා දෙවන පරපුර පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇත.

ඔහු කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

ජාතික ජන බලවේගය පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටි නමුත් ඔහුට ඒ සඳහා නාම යෝජනා නොලැබිනි.

ඒ අනුව ඔහු දෙවන පරපුර සමඟ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරයි.

ඔහු මාධ්‍ය හමුවේ කියා සිටියේ විපක්ෂයද ශක්තිමත් ලෙස ගොඩනැගීම සඳහා තමන් කටයුතු කරන බවයි.

Exit mobile version