Site icon Gossip Kade

බංග්ලාදේශ සිසු උද්ඝෝෂණ නවතී

බංග්ලාදේශයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් රටපුරා ආරම්භ කර තිබූ විරෝධතා උද්ඝෝෂණ මාලාව අත්හිටුවා තිබේ.රජයේ සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ දී ක්‍රියාත්මක කළ රැකියා කෝටා ක්‍රමයට විරෝධය පා මෙම උද්ඝෝෂණ මාලාව ආරම්භ විය. එම රැකියා කෝටා ක්‍රමයට අනුව 1971 රණවිරු පවුල්වල සාමාජිකයන්ට රජයේ රැකියා කෝටාවෙන් සියයට 35ක් හිමිවේ.මෙය අත්හිටුවීමට එරට අධිකරණය ඉකුත් 21 වැනිදා නියෝගයක් නිකුත් කර තිබුණි.සිය උද්ඝෝෂණ මාලාව අත්හිටුවීමෙන් පසු ඔවුන් ඉල්ලා සිටින්නේ දැනට රජය විසින් අත්අඩංගුවට ගෙන සිටින සිය සාමාජිකයන් නිදහස් කරන ලෙසට.ඩකා නුවර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූ සිසු උද්ඝෝෂණ මාලාව පාලනය කිරීම සඳහා පොලිසිය එල්ල කළ ප්‍රහාර වලින් 150කට අධික පිරිසක් මිය ගිය අතර දහසකට අධික පිරිසක් තුවාල ලබා සිටිති.ඉකුත් ඉරිදා සිට රට පුරා ඇඳිරි නීතිය පැනවීමට ෂෙයික් හසිනාගේ රජය පියවර ගනු ලැබීය.තවම එය ඉවත් කර නැත.

Exit mobile version