Site icon Gossip Kade

පොහොට්ටු-රනිල් අවුල මහ හඬින් පුපුරයි.. ඇමති අනුරුද්දගෙන් වේදිකාවේදී කුණු බැනුම් වැස්සක්..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කඩවත නගරයේදී පැවති ‘එක්ව ජයගමු’ ජනරැළිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා දැඩි විවේචනයක් එල්ල කළේය.

තම පක්ෂයේ ඇතැම් පිරිස් විරුද්ධවාදීන් සමඟ අශුද්ධ සන්ධාන ගොඩ නගමින් පොදුජන පෙරමුණ විනාශ කිරීමේ උත්සාහයක නිරත සිටින බවට ඔහු සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද බිංගිරිය ප්‍රදේශයේ ජන හමුවක් අමතමිනි.

ඔහු එම ජන හමුවට සහභාගි වූයේ කඩවත ප්‍රදේශයේ එම අවස්ථාවේම තිබූ ‘එක්ව ජයගමු’ ජන හමුවට සහභාගි වීම ප්‍රතික්ෂේප කරමිනි.

‘අද ගම්පහ එකට නැගිටින්න හදනවා. අද ගම්පහ එකට නැගිටින්න හදද්දී අපි බලනවා අපිට එකට නැගිටින්න තියෙන්නේ කා එක්කද කියලා. අද අපිට එකට නැගිටින්න තියෙන්නේ අපේ විරුද්ධවාදින් එක්ක.

ඉතින් ඒ නිසා අපි දෙපරක් හිතන්නේ නැතුව අද ගම්පහ එකට නැගිටින එක පැත්තකට තියලා මුළු රටම නැගිටවන්න බිංගිරියට ගම්පහින් අද ඇවිල්ලා ඒ ශක්තිය දෙනවා කියන එක අපි ඔබ තමුන්නාන්සේලාට කියනවා.

එක්ව නැගිටිමු කියලා පටන් ගත්තේ රජයේ වැඩපිළිවෙළ ගැන කතා කරන්න. හැබැයි එතන කතාවෙන්නේ රජයේ වැඩ පිලෙන නෙවෙයි.

එතන කතා කරන්නේ පොහොට්ටුව චප්ප කරලා පොහොට්ටුවෙන් කෑලි කඩලා පොඩි ප්‍රමාණයක් අරගෙන ඔබේ දිස්ත‍්‍රික් නායකයා වගේ කළුතර දිස්ත්‍රික් නායකයා වගේ අපේ අනුරාධපුරයෙන් දිස්ත්‍රික් නායකයින් වගේ අපේ පක්‍ෂයේ අය පැත්තකට කරලා හදන අසුද්ද සන්ධානක් කියන එක දැන් ප්‍රසිද්ධ වෙලා හමාරයි. අපිට ඒකට යන්න බෑ.

මේ සාක්ෂි දරන සියලු දෙනා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පින්තූරය බලයෙන් පිහිටෙන් පාර්ලිමේන්තු ගිය අය මිසක් ඒගොල්ලන්ගේ අප්පච්චිලගේ බලෙන්  ගියා අය නෙමෙයි. කෙලෙහිගුණ තියෙන්න ඔ්න මනුස්සයො වෙච්චහම’

Exit mobile version