Site icon Gossip Kade

පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙක්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ වන විට ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයන් හතර පස් දෙනෙකුම සිටින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.ප‍්‍රාදේශීය සභාවකටවත් ඉදිරිපත් කිරීමට අපේක්ෂකයන් සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි කිවූ පක්ෂයට අද වන විට ජනාධිපති අපේක්ෂකයන් ද එතරම් ප්‍රමාණයක් සිටින බවද ඔහු පැවසුවේය.පසුගිය වසර දෙක තුන තුළ පක්ෂය විශ්වාස කරමින් පාක්ෂිකයන් පක්ෂය සමග එකතු වී සිටින බවද ඔහු පැවසුවේය.ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට ජයග්‍රාහී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් එම අපේක්ෂකයා කවුදැයි පක්ෂයක් ලෙස තවමත් තීන්දු කර නැති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Exit mobile version