Site icon Gossip Kade

පැහැරගැනීමකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

හොරණ ති‍බ්බොටුගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙක් පැහැරගෙන ගොස් තියුණු ආයුධවලින් පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය දා හොරණ ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකදී සිදුකළ පහරදීමකට පළගැනීමක් ලෙස මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් තුවාලකරු හොරණ රෝහලට ඇතුළත් කර තිබෙන අතර සැකකරුවන් පැමිණි මෝටර් රථය ද පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය විසින් විමර්ෂණ සිදු කරනු ලබනවා

Exit mobile version