Site icon Gossip Kade

පාතාලයෙන් තර්ජන එල්ලවු බුස්ස බන්ධනාගාර ලොක්කාට හිටි හැටියේ වුණ දෙ

පාතාලයෙන් පසුගියදා මරණ තර්ජන එල්ල වු බුස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා ඇතුළු බන්ධනාගාර කිහිපයක ඉහළ නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කර තිබෙනවා.

සේවා අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි එම නිලධාරීන් ස්ථාන මාරු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ අනුව බුස්ස බන්ධනාගාරයේ අධිකාරි ලෙස රාජකාරි කළ සහකාර බන්ධනාගාර අධිකාරි වජිර අබේදීර ස්ථාන මාරු කර ඇත්තේ මහර බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා ලෙසයි.

බුස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස ස්ථාන මාරු කර ඇත්තේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස කටයුතු කළ සහකාර බන්ධනාගාර අධිකාරි උදය කුමාර බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මැගසින් බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස සහකාර බන්ධනාගාර අධිකාරි සුභාශ් උපුල්දෙනිය ස්ථාන මාරු කර තිබෙනවා. ඔහු පල්ලන්සේන බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස කටයුතු කළා.

වැලිකඩ බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරි සමන්ත ලියනගේ පල්ලන්සේන බන්ධනාගාරයට ස්ථාන මාරු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

කළුතර බන්ධනාගාරයේ අධිකාරි රෝහණ ගලප්පත්ති කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

කළුතර බන්ධනාගාරයේ අධිකාරි තනතුර සඳහා ස්ථාන මාරු කර ඇත්තේ වටරැක බන්ධනාගාර අධිකාරි ලෙස කටයුතු සහකාර බන්ධනාගාර අධිකාරි වසන්ත කුමාර ඩෙප් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස කටයුතු කළ සහකාර බන්ධනාගාර අධිකාරි පුෂ්පකුමාර හෙන්නායක වටරැක බන්ධනාගාර අධිකාරිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

Exit mobile version