Site icon Gossip Kade

නෙරොච්චෝල බලාගාරයට උඩින් ගිය ඩ්‍රෝනයක් කඩා වැටෙයි

නොරෝච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබූ ඩ්‍රෝන කැමරාවක් බලාගාර භූමියට කඩා වැටීමත් සමග ගුවන් හමුදාව හා අනිකුත් ආරක්ෂක අංශ එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරි‍යෙක් පැවසුවා.

අද දහවල් කාලයෙ මෙම ඩ්‍රෝන කැමරාව නොරෝච්චෝල ලක්විජය බලාගාරය උඩින් පියාසර කරමින් තිබියදී මෙලෙස බලාගාර භුමියට කඩා වැටීමකට ලක්වී ඇති බව ආරක්ෂක අංශ පවසනවා.

ලක්විජය බලාගාර භුමිය ජායාරූප ගත කිරීමකට මෙම ඩ්‍රෝන කැමරාව මගින් ලක්කර ඇති බවට සැක කරන බව ආරක්ෂක අංශ පවසනවා.

කෙසේ වෙතත් නීත්‍යානුකුල අවසරයකින් තොරව මෙලෙස ඩ්‍රෝන කැමරාවක් බලාගාරය උඩු ගුවනේ ගුවන් ගත කිරීම නීති විරෝධි කටයුත්තක්.

අදාල ඩ්‍රෝන කැමරාව කුමන හේතුවක් මත මෙලෙස ගුවන් ගත කර ඇති දැයි සොයා බැලිමට මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පැවසෙනවා.

Exit mobile version