Site icon Gossip Kade

නීල් හපුහින්න ඔස්ට්‍රේලියාවේදී මිය යයි

හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු වන නීල් හපුහින්න ඔස්ට්‍රේලියාවේදී හදිසි අනතුරකට ලක්වීමෙන් ඊයේ (14 වැනිදා) අභාවප්‍රාප්ත වී ඇත. මුහුදේ ගිලීමෙන් ඔහු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරය ඇතුළු පැවැති ආණ්ඩු කිහිපයකම ප්‍රධාන තනතුරු දරා ඇති ඔහු මිය යන විට 61 හැවිරිදි වියේ පසුවිය.

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු සිය දරු පවුල සමග ඔස්ට්‍රේලියාවේ තාවකාලික පදිංචියට ගොස් ඇති අතර, දැනට වසර ගණනාවක සිට ඔහු එරට පදිංචිව සිට ඇත.

සිය වැඩිමල් දියණියගේ විවාහ උත්සවය මෙරට පැවැත්වීම සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔහු අවසන් වරට මෙරටට පැමිණ ඇත. ඔහු දියණියන් දෙදෙනකුගේ පියෙක් වන අතර ඔහුගේ බිරිඳ නීතිඥවරියකි.

ඔහුගේ මෙම හදිසි මරණය පිළිබඳව ඔස්ට්‍රේලියානු පොලිසිය පරීක්ෂණ පවත්වන අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු කිරීමට නියමිත දිනයක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත

Exit mobile version