Site icon Gossip Kade

දැඩි උෂ්ණත්වය මැයි දක්වා!

පවතින උෂ්ණාධික කාලගුණය අඩු වැඩි වශයෙන් මැයි මාසය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසීය.සුළගේ වේගය අඩුවීම හා ප්‍රදේශ කිහිපයක පහළ වායු ගෝලයේ ජලවාශ්ප වැඩි වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව පැවසීය.බස්නාහිර පළාතේ සහ මන්නාරම,හම්බන්තොට ,අනුරාධපුර ,පොලොන්නරුව මොණරාගල සහ වව්නියාව දිස්ත්‍රික්ක වල උණුසුම් කාලගුණය පවතියි.උණුසුම් කාලගුණයෙන් ඇතිවිය හැකි අයහපත් ප්‍රතිපල පාලනය කර ගැනීමට ගත හැකි පියවර අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව වැඩිදුරටත් පැවසීය.

Exit mobile version