Site icon Gossip Kade

තුන් දෙනෙක් සජිත් වටකර ගෙන

මේ වනවිට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ දේශපාලන උපදේශකයන් ලෙස එස්. එම්. මරික්කාර්, රංජිත් මද්දුමබණ්ඩාර සහ අභ්‍යන්තර කටයුතු මෙහෙයවන ලක්ෂ්මන් ෆොන්සේකා යන තිදෙනා පත් කර ගෙන ඇති බව අනාවරණය වේ.

ලබන මස 08 වෙනි දින සමගි බල සන්ධානය යනුවෙන් සන්ධානයක් පිහිටුවා ගැනීමේ මූලික කටයුතු මෙම උපදේශකයින් තිදෙනාට පවරා ඇති බව වාර්තා වේ. මේ අතර සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස සමඟ එක්වීම සඳහා මුලදී කැමැත්ත පළ කර තිබූ සංවිධාන ගණනාවක් මේ වනවිට එම අදහස අත්හැර ඇති බව හෙළි වී තිබේ.

ඇතැම් පක්ෂ සහ සංවිධාන ප්‍රකාශ කර ඇත්තේ සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස නිවැරදි පාරට පැමිණ පෙන්වන්නේ නම් පමණක් ගිවිසුම් අත්සන් කර එක්වීමට සූදානම් බවයි. ඔවුන් වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ තලතා අතුකෝරාල ඇතුළු සජිත් ප්‍රේමදාස පිළිබඳව පළ කර තිබෙන විවේචන සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය පැහැදිලි කිරීමක් කළ යුතු බව ය.

Exit mobile version