Site icon Gossip Kade

තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මරුට

Man drowning in the water

කහටගස්දිගිලිය, ඉහළ කංහිදිගම වැවේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 24 හා 34 යන වයස්වල පසුවන පොල්ගහවෙල හා පූජාපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

මොවුන් දෙදෙනා ඊයේ (20) සවස තවත් දෙදෙනකු සමග මත්පැන් පානය කර ඉහළ කංහිදිගම වැවේ දියනෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කහටගස්දිගිලිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කහටගස්දිගිලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version