Site icon Gossip Kade

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, කොළඹ මහාධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ, සතොස ආයතනයේ සේවකයින් පිරිසක් නිල රාජකාරි වලින් ඉවත්කර, බාහිර කටයුතු වල නිරතකිරීමේ නඩුවට පෙනි නොසිටීම හේතුවෙනි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ වනවිට අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් සිටී.

ඒ, ඔහුට අයත් යැයි සැක කෙරෙන එකලස් කරන ලද BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ හිලටන් හෝටලයේ තිබිය දී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාලවයි

Exit mobile version