Site icon Gossip Kade

ජලනි ප්‍රේමදාසගේ බියුටි සැලූන් ගැන තවත් ටිකක්…

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නිවාස හා ඉදි කිරීම් ඇමති ලෙස 2015 – 2019 කාලයේ සිටි අවස්ථාවේ ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව සතු මුදල් අවභාවිතා කිරීම පිළිබඳව තොරතුරු රැසක් හෙළි වී තිබේ.

එම සංස්ථාවේ අභ්‍යන්තර විගණන ඒකකය විසින් සිදු කරන ලද විගණනයේ දී හෙළි වී තිබෙන්නේ රුපියල් ලක්ෂ 420ක මූල්‍ය අවභාවිතාවක් සිදු කර ඇති බව ය. ඒ සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගත යුතු බව නිර්දේශ කර තිබේ.

එම විගණන වාර්තාව නම් කර තිබෙන්නේ “හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන කටයුතු සහ ඒ මහතාගේ බිරිඳට අයත් ව්‍යාපාරික ස්ථානවල සේවය කිරීම සඳහා ආරක්ෂක සේවකයින් 19 දෙනෙකු බඳවා ගෙන සේවයේ යෙදීම පිළිබඳ පරීක්ෂණය – 2022” යනුවෙනි. එම වාර්තාවේ ඇමුණුම්වල එම මූල්‍ය අවභාවිතාව පිළිබඳ සවිස්තර තොරතුරු හෙළි කර තිබේ. එහෙත් මේ දක්වා පොදු දේපළ පනත යටතේ නීතිමය ක්‍රියා මාර්ග ගෙන නොමැත.

Exit mobile version