Site icon Gossip Kade

ජනාකීර්ණ ප්‍රදේශයක සිදුවන පාතාල ක්‍රියා මඩින්න පොලිසියට වෙඩි තියන්න පුලුවන්ද ?

ජනාකීර්ණ ප්‍රදේශයක් තුළ පාතාල කණ්ඩායම් අතර සිදුවන ගැටුමකදී හෝ වෙනත් ගැටුමකදී පොලිසියට සිය ගිනිඅවි භාවිතා කරමින් තත්ත්වය පාලනය කිරීමට හෝ මර්දනය කිරීමට සෘජුවම වෙඩි තැබීමේ හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ ජනතාවගේ ආරක්ෂක තත්ත්වයන් ගැන සිතා එවැනි තීරණ ගැනීමේදී පොලිසියට ගැටලුකාරී තත්ත්වයන් මතුවන බවයි.


පොලිස් නිලධාරින් යම් සිදුවීමකදී අවස්ථානුකූලව වෙඩි තබනවා ද නැද්ද යන්න තීරණය කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව වැඩිදුරටත් පැවසුවේ.

Exit mobile version