Site icon Gossip Kade

ඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන වැඩිකරයි..

මෙවර මහ මැතිවරණයේදි ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩිකර ඇතිබව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 2034කි.

ජනාධිපතිවරණයේදී එය පැවතියේ1274ක් ලෙසයි.

මෙවර මැතිවරණයේදි ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අනුව ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13421 පිහිටුවීමට නියමිතයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් දාහත් ලක්ෂ හැටපන්දාහස් තුන්සිය පනස් එක් දෙනෙකු වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 1204ක් පිහිටුවන බව පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් දහ අට ලක්ෂ අසූ එක් දහස් එකසිය විසි නම දෙනෙකු වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 1212 ක් ද පිහිටුවීමට නියමිතයි.

කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් දස ලක්ෂ විසි හතර දහස් දෙසිය හතලිස් හතර දෙනෙකු වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 735ක් පිහිටුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අඩුම ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචිව සිටිනුයේ මන්නාරම දිස්ත්‍රික්කයේය. එම සංඛ්‍යාව 90607කි.

ඒ අනුව මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ඡන්ද මධ්‍යස්ථාන 108ක් පිහිටුවීමට නියමිතයි.

මහ මැතිවරණය සඳහා ඡන්ද දායකයින් එක් කෝටි හෑත්තෑ එක්ලක්ෂ හතළිස් දහසක් තුන්සිය පනස් හතර දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

Exit mobile version