Site icon Gossip Kade

චෝදනා පිලිගනී… ප‍්‍රවීන් ජයවික‍්‍රමට සියළු ආකාරයේ ක‍්‍රිකට් තහනම් කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික‍්‍රමට ක්‍රිකට් තහනමක් පනවා තිබේ.

එම කාලය තුළ ඔහුට සියලුම ආකාරයේ  ක්‍රිකට් තරග ක‍්‍රිඩා කිරීම තහනම් වෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝන කළේ යැයි එල්ල වූ චෝදනා ඔහු විසින් පිළිගැනීමෙන් අනතුරුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

ප‍්‍රවීන් ජයවික‍්‍රම විසින් දූෂණ විරෝධී රීතින් තුනක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.

තරග පාවාදීම සඳහා ඔහුට කර තිබූ යෝජනා සම්බන්ධයෙන් දූෂණ විරෝධී ඒකකය දැනුවත් නොකළ බව ඔහුට එල්ල වූ එක චෝදනාවකි.

Exit mobile version