රාජ්‍ය ඖෂධ සංස්ථාව ඉන්දියානු සමාගමකට විකුණා දැමීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් වෙමින් පවතින බව, වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානය තොරතුරු අනාවරණය කරයි.
මෙරට ජනතාවට අඩු මිලට ගුණාත්මක ඖෂධ ලබා දීම සඳහා පිහිටුවන ලද රාජ්‍ය ඖෂධ සංස්ථාව මෙලෙස විකුණා දැමීම නතර කිරීම සඳහා වහාම පියවර ගන්නා ලෙස එම සංවිධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ මහතාගෙන් ඉල්ලා සිටී.
රාජ්‍ය ඖෂධ සංස්ථාව විකුණා දැමීමෙන් මෙරට ග්‍රාමීය සෞඛ්‍ය පද්ධතියට මරු පහරක් එල්ල වන බැවින් මෙම විකුණා දැමීමේ පත්‍රිකාවට එරෙහිව අද (30) ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමට පියවර ගන්නා බව වෛද්‍යවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශය ඖෂධ සැපයුම් සිදු කිරීමේදී රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා ගුණාත්මක භාවයෙන් ඉහළ ඖෂධ නිසි නියාමනයකින් යුක්තව මිලදී ගැනීම සිදු කරන බැවින් ඖෂධ සැපයුම් ජාලයටද මෙම විකුණා දැමීම බරපතල බලපෑමක් සිදු කරණු ඇතැයි ද වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටී.
– සුජීව තත්සර