Site icon Gossip Kade

එජාප නායකයාට ඡන්දේ ඉල්ලන්න එජාපයේ අනුමැතිය

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය ඊයේ (25) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණා. ඒ සැප්තැම්බර් 21වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බව කියන එජාප නායක රනිල් වික්‍රමසිංහට පක්ෂ අනුමැතිය ලබාදීමටයි. ඊට අදාළ යෝජනාව ඒක්සත් ජාතික පක්ෂයේ ලේකම් පාලිත රංගේබණ්ඩාර විසින් පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කළ අතර එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක එය ස්ථිර කර තිබෙනවා.

මෙම එජාප විශේෂ සම්මේලනයට කලක් දැඩි එජාප විරෝධියෙකු බව කියමින් සිටි මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයාද එක්ව සිටියා.

Exit mobile version