Site icon Gossip Kade

එකම විකල්පය සජිත් පමණයි.. වෙන අයට ඡන්දෙ දීලා අපතෙ යවන්න එපා..

මෙතෙක් කලක් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැනි පක්ෂවලට ඡන්දය ලබා දුන් ජනතාවට අද තිබෙන එක ම විකල්පය සමගි ජන සන්ධානය පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“අපි පළමුවෙන් ම සමගි ජන සන්ධානය හැටියට අපි සුබ පතනවා. නව ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට. ඒ වගේ ම එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි ආරාධනා කරනවා අපට ඡන්දය දුන් නො දුන් සියලු ම දෙනා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඉදිරි කාලයේ දී අපිත් එක්ක සන්ධාන ගතවෙලා, එකමුතු වෙලා මේ රට වෙනුවෙන් ඉදිරි පියවරක් තබන්නට එකමුතු වෙන්න කියලා.

අද මේ රට ඉදිරියේ මේ මහජනයා දුන් වරම විශේෂයෙන්ම 2022 මැයි 09 හා ජූලි 09 ඇති වූ අරගලයේ අවසාන පියවර. මහජනයා බලාපොරොත්තු පිරිසිදු පාලනයක්, යුක්ති සහගත භාවයක්. ඒ සඳහා අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන ගනුදෙනු අද ඉඳන් ඒ සාකච්ඡා ආරම්භ වෙනවා. ඒ වගේ ම යම්කිසි ආකාරයකට ව්‍යවස්ථා සංශෝධන කරයි නම්, එම ව්‍යවස්ථා සංශෝධන, යම් යම් අණපනත් වෙනස් කරනවා නම්, ඒ යුක්ති සහගත අණපනත් වෙනස් කිරීම්වල දී, අවශ්‍ය සහයෝගය ලබා දෙන්න අපි ඉදිරි කාලයේ දී පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කරනවා.

එතුමන්ලා ඉදිරිපත් කළා කරුණු ගණනාවක්. නව ව්‍යවස්ථාවක් ගෙන එන බව ප්‍රකාශ කළා. දැනට පවතින ජනාධිපති ධුරය අවසන් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළා. අප ඉදිරියේ අභියෝග ගණනාවක් තියෙනවා. දැන් අවුරුදු හයක් හතක් තිස්සේ කල් පැන ගිහින් තියෙන පළාත් සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය, නැවත පැවැත්වීම අවස්ථාව තියෙනවා. පළාත් පාලන මැතිවරණය. පැවැත්වීමට අධිකරණ නියෝගයක් තියෙනවා.

හැබැයි පැරණි නාම යෝජනා දැන් කොච්චර වලංගු ද කියන ප්‍රශ්නය පැන නැගිලා තියෙනවා දැන් අවුරුදු එකහමාරකට පස්සේ. ඒ නිසා මේ කටයුතුවලට රටේ ඉහළ ම නීති තනන මධ්‍යස්ථානය වන පාර්ලිමේන්තුවේ ශක්තිය අවශ්‍යයි. ඒ ශක්තියේ දී ඉතා ම පැහැදිලියි තනි පක්ෂයක් තුනෙන් දෙක අර ගෙන කරන ලද ව්‍යවස්ථා සංශෝධනවලින් තව විශාල ජන කණ්ඩායමක් අසහන පත් වෙලා ඇතැම් අවස්ථාවල කැරලිකාරීත්වයන්ට පවා යොමු වූ ඉතිහාසයක් අපිට තියෙනවා. ඒක නිසා මේ වැනි ක්‍රියාවලි වල දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී, ජනාධිපති ධුරය පිළිබඳ ගැටලු වල දී, පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ ප්‍රශ්නවල දී, ඒක හිර වෙලා තියෙන්නේ කොට්ඨාශ නිර්ණය කිරීමේ දී, ඒ වගේ ම පළාත් පාලන ඡන්දය පැවැත්වීමේ දී, මේ කියන කාරණා වල දී , අපි ජනාධිපතිවරයාට ධනාත්මක සහයෝගයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එතුමා විවෘත භාවයෙන් යුතු ව කටයුතු කරයි කියලා අපි හිතනවා. මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමා කටයුතු කළේ අපි පාර්ලිමේන්තුව විසින් එතුමාට සියලු පක්ෂ එකතු වෙලා ලබා දුන්නා 2022 දෙසැම්බර් මාසෙ දී අවම යෝජනාවලියක් සාමූහික ප්‍රයත්නයක් දරමු කියලා. නමුත් එතුමා 2023 මාර්තු මාසෙ දී අපි කිසිවකුගෙන් අහන්නේ නැතිව එතුමාගේ ම එකඟතාව මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට ආවා. ඒ එකඟතාවකට ආවාට පස්සෙයි එතුමා ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ.

ඉතින් අපි යෝජනා කරනවා. අනුර කුමාර දිසානායක මහත්මයා ප්‍රමුඛ එතුමාගේ ආර්ථික කණ්ඩායම කිව්වා ජාත්‍යන්තර, ඒ වගේ ම එතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් තිබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ තිබෙන එකඟතා ලියවිල්ල වෙනස් කරන බව. විශේෂයෙන්ම ණය විශ්ලේෂණ සහතිකය, (DSA). DSA වෙනුවට, විකල්පයක් ඉදිරිපත් කරන බව. ඉතින් අපි එතුමන්ලාගෙන් ඉල්ලා හිටිනවා, එවැනි කරුණු වල දී අපෙත් පාර්ලිමේන්තුවේ අප නොවන වෙනත් අයගෙත් අදහස් විමසලා ඒ කටයුත්ත කළොත් මූල්‍ය අරමුදලට අපි රටක් හැටියට එකට ගියොත් එකමුතුව එක රටක් හැටියට ගියොත් මම හිතනවා ජාත්‍යන්තර වශයෙන් අපේ ප්‍රතිරූපයටත්, ඒ කටයුත්ත සාර්ථකව කර ගෙන යාමටත් විශේෂයෙන්ම අපේ ණය හිමියන්ට අභීතව මුහුණ දෙන්නත් එතුමාට හැකි වෙනවා.මොකද ණයහිමියෝ අතර විශාල ප්‍රශ්න දැන් පැන නැගිලා තියෙනවා. විශේෂයෙන්ම පුද්ගලික ණය හිමියෝ අපට එරෙහිව නඩු පවරලා තියෙනවා. ඒ නඩු ලංකා රජයට මුහුණ දෙන්න වෙනවා. ලංකා රජය මුහුණ දෙනවා කියන්නේ අපේ ජනතාවට මුහුණ දෙන්න වෙනවා.

ඒ වගේ ම ද්විපාර්ශ්වික ණය, මේ යනාදී දේවල් ප්‍රතිව්‍යුහගතකරණය කරන්න තියෙනවා. ඒ වගේ ම රුපියල් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ගැන අපි එකඟතාවක් නැහැ ඒක කරපු ආකාරය ගැන. ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. නමුත් කළ ආකාරය ගැන, විවෘත සාකච්ඡාවක් මාර්ගයෙන්, සාමූහික එකඟතාවක් ඇතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අපි කටයුතු කරමු මේ රටේ ජනතාව වෙනුවෙන්. නැත්නම් ජනතාව 2042 වෙනකන් ණය ගෙවන්න තියෙනවා පරණ ණය. මේ බර ඇද ගෙන යාමේ ගැටලුවක් පැන නැගෙනවා.

දූෂණය පිළිබඳ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරු, හිටපු ජනාධිපතිවරු, ඇමතිවරු, මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් ජනාධිපතිවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ අණ පනත් තියෙනවා. මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ නිකුත් කරන ලද චක්‍රලේඛ තියෙනවා. ඒවා වෙනස් කිරීමේ දී අපේ උපරිම සහයෝගය ඔවුන්ට ලැබෙනවා. හැබැයි ඒවා විවෘතව සිදු කරන ලෙස අපි ඉල්ලා හිටිනවා.

උදාහරණයක් හැටියට මේ පාර්ලිමේන්තු භෝජනාගාරය ගැන ලොකු විවේචන තියෙනවා. ඒ භෝජනාගාරය අපි පමණක් නෙමෙයි භෝජනාගාර ගණනාවක් තියෙනවා. ඒක පාර්ලිමේන්තු සේවකයෝ, ආරක්ෂකයෝ හුඟක් දෙනෙක් එහි ආහාර ගන්නවා. ඒ බිලත් වැටෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිට. ඉතින් ඒ නිසා ඒවා විවෘත භාවයකින් යුතු ව ඒ අදාළ මිල ගණන් වලට ඒක ලැබෙන්න සලස්වන ක්‍රමවේදයකට අපිත් එකඟයි. අපි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ඒ කාලේ ගෙනාපු යෝජනාවක් තියෙනවා. ඒ යෝජනාවට අනුකූලව අපි සියලු දෙනාට ම කටයුතු කරන්න පුළුවන්. ඒ වගේ ම දූෂිතයින්ට දඬුවම් දීමේ දී පවතින නීති තත්ත්වයන්, දැන් නීති ගොඩක් සම්මත කරලා තියෙනවා. ඒ නීති කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව තියෙනවා.

ඒ සඳහා තවත් අවශ්‍ය නම්, ඒ වගේ ම රටෙන් පිටත ධනය රඳව ගෙන ඉන්න අය පිළිබඳ තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඒ ධනය ආපසු ගැනීමට, යම් යම් නීති රීති සම්මත කර ගැනීමට අවශ්‍ය නම්, ජාත්‍යන්තර තලයේ රටවල් සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය නම්, ඒවායේ දී ත්, අපි සාමූහික ව කරන්න සූදානම්. ඒ වගේ ම රටට එරෙහිව තියෙන මානව හිමිකම් යෝජනා ඇතුළු පසුගිය කාලයේ පැන නැගිච්ච ගැටලු වලට මුහුණ දීමේ දී ලබන මාර්තු වල මුහුණ දෙන්න තියෙනවා. ඒ ඒ අවස්ථාවල දීත් සාමූහික ව රටක් හැටියට අපි ලෑස්තියි ඒ සඳහා සහයෝගය දෙන්න. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයා මේක වතාවකුත් ප්‍රකාශ කළා.

මෙතෙක් කල් මේ රටේ පැවති ගැටුම් කාරී විපක්ෂ දේශපාලනය වෙනුවට සම්මුතිකාමී දේශපාලනයකට එළඹෙන්න. සමගි ජන සන්ධානයේ ඒ සඳහා ඉදිරියට එන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඒ වගේ ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ඒ වගේ ම පොදුජන පෙරමුණ වැනි පක්ෂවලට ඡන්දය ලබා දුන් ඡන්ද දායකයින්ගෙනුත් අපි ඉල්ලා සිටිනවා දැන් තිබෙන එක ම විකල්පය සමගි ජන සන්ධානය පමණයි. ජනාධිපතිවරණය වගේ විවිධ විකල්ප කියලා හඳුනා ගත් අයට ඡන්දය ලබා දීලා ඔබේ ඡන්දය නාස්ති කර ගන්න එපා. මෙවර සමගි ජන සන්ධානයට එකතු වෙන්න. දැනටමත් පුද්ගලයන් හැටියට විශාල යෝජනා ප්‍රමාණයක් අපට එකතු වෙලා තියෙනවා. ඒ හැම පුද්ගලයෙක් ම අපි එකතු කර ගන්නවා ප්‍රමිතියකින් යුතු ව. ඒ විතරක් නෙවෙයි නව තරුණ වෘත්තීයවේදීන් හා කාන්තාවන්. ඒ වගේ ම විවිධ ජන කණ්ඩායම් නියෝජනය වන විචිත්‍රවත් කණ්ඩායමක් මෙවර මැතිවරණයට සමගි ජන සන්ධානයෙන් ඉදිරිපත් කරනවා නව පරපුරට ප්‍රමුඛතාව දෙමින්.”

මෙම මාධ්‍ය හමුව සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන මහත්වරු එක්ව සිටිය හ.

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්

Exit mobile version