Site icon Gossip Kade

උද්දිකගේ වැඩ නිසා යුරෝපා වීසා නීති දැඩි කෙරේ!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සැලකිල්ලට ගෙන ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා හා බටහිර රටවල් සඳහා වීසා නිකුත් කිරීම දැඩි පිළිවෙත් අනුගමනය කිරීමට පටන්ගෙන තිබේ.

මේ හේතුවෙන් විදේශීය රටවල් සඳහා වීසා ඉල්ලුම් කරන ශ්‍රී ලාංකිකයන් බොහෝදෙනෙකුට වීසා ලබාගැනීම සඳහා සති ගණනාවක් බලා සිටීමට සිදුව ඇත.

රටේ පවතින තත්ත්වය මුල් කරගෙන බොහෝ පිරිස් සංචාරක වීසා මත විදෙස්ගත වී දේශපාලන රැකවරණ අයැදිති.

මෙවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීමේදී දැඩිව සොයා බලන ලෙස පසුව විදෙස් තානාපති කාර්යාල රැසක් එම කාර්යාලවල නිලධාරීන් හට උපදෙස් දී ඇත. විශේෂයෙන් දේශපාලනඥයන් ඔවුන්ගේ දරුවන් හා ඥාතින් වීසා ඉල්ලුම් කිරීමේදී දැඩිව සොයා බලන ලෙසද උපදෙස් දී ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වී කැනඩාවට ගොස් එරට දේශපාලන රැකවරණය අයැද තිබිණි.

Exit mobile version