Site icon Gossip Kade

ඉන්දීය ක්‍රීඩිකාවන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජය වෙයි

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදුණු තෙවන තරගයත් ඊයේ (09) ඉන්දියාව හමුවේ පරාජයට පත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20ක් තුළ කඩලු 03ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 172ක්.

ලකුණු 173ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 19යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 90ක් පමණයි.

ඒ අනුව ඉන්දියාවට ලකුණු 82ක ජයක් අත්වූ අතර ඔවුන් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ සිය බලාපොරොත්තුව ද ඉහළ නංවා ගත්තා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මේ දක්වා තරග 3කට සහභාගී වී ඇති අතර එම තරග තුනේදී ම අත්වූයේ අමිහිරි පරාජයකි.

ඒ අනුව තවත් ඉතිරිව ඇත්තේ එක් තරගයක් පමණි. එය එළඹෙන 12 වැනිදා නවසීලන්තය සමඟින් පැවැත්වීමට නියමිතයි.

Exit mobile version