Site icon Gossip Kade

ඉඩම් සහ පොලිස් බලතල ගැන නාමල්ගේ ස්ථාවරය

උතුරට හා නැගෙනහිරට ඉඩම් හා පොලිස් බලතල දෙන්න බෑ නාමල් යාපනයේදීම කියයි.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් යටතේ උතුරු නැඟෙනහිර ඒකාබද්ධ නොකරන බවත් ඉඩම් හා පොලිස් බලතල ලබා නොදෙන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ අද 12/09/2024 යාපනයේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ පැවසුවේ බෞද්ධ රටක සියලු ආගම්, භාෂා සහ ජනතාව ආරක්‍ෂා කරන බවත්ය. කෙටිකාලීන වරප්‍රසාද, වරදාන හා තනතුරු වෙනුවෙන් රටත්, පක්ෂයත් කිසිදා පවා නොදෙන බවත්. පැවසූ නාමල් රාජපක්ෂ තමන් අභියෝගවලට බිය නොවන බවද පැවසීය.

Exit mobile version