Site icon Gossip Kade

ඇප කැන්සල් වෙන්න හොරු අල්ලන්නම්… මාලිමාවට පාර්ලිමේන්තුවේ ආසන 125ක් දෙන්න…! – වසන්ත සමරසිංහ…

ජාතික ජන බලවේග ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ දූෂිතයන්ට අධිකරණයෙන් ඇප ගැනීමට හැකි වන ආකාරයට නොවන බව ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ මහතා පවසයි.

“මල්වානේ බැසිල්ගෙ ඉඩම සහ යෝෂිත රාජපක්ෂගේ මැණික් මල්ල සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ ලෙසම ජොන්ස්ටන්ගේ BMW මෝටර් රථය පිළිබඳවත් අධිකරණයේදී අසත්‍ය ප්‍රකාශ සිදු කළ හැකි නිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ එම දූෂිතයන්ට අධිකරණයේ ඇප දීමට නොවේ.

ඇලෝසියස්ගෙන් මුදල් ගත් සියලුම දෙනා සජබ, පොහොට්ටුව සහ රනිල් ඇතුළු පක්ෂ තුනේම සිටිනවා. ඔවුන් සියලුම දෙනාට නීතිය ක්‍රියාත්මක කරනවා. ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට කතිරේ ගැසීමෙන් පාර්ලිමේන්තුවේ අසූ දෙනකු පමණ ගෙදර යැවීම සිදු වුණා.

රටට හා ජනතාවට පවතින ප්‍රශ්න විසඳීමට මෙවර පාර්ලිමේන්තුවට එකසිය විසි පහක ආසන සංඛ්‍යාවක් සහිත ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පත්කළ යුතුයි. ජාතික සම්පත් විකිණීම වෙනුවට රටේ ප්‍රශ්න නිර්මාණය කරන පක්ෂ මාරු කිරීමේ අවලංගු කිරීමේ පනත, ජනාධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් සහ වරදාන වරප්‍රසාද දෙන පනත් සංශෝධනය ඇතුළු පනත් රාශියක් ගෙන ඒමට ජාතික ජන බලවේගය ආණ්ඩුව කටයුතු කරනවා.”

Exit mobile version