Site icon Gossip Kade

අරගලයෙන් බංගලාදේශ ගාමන්ට් වැසී යයි.. නිමි ඇදුම් අපනයනය බිද වැටෙයි…

බංග්ලාදේශ විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා හේතු වෙන් නිමි ඇඳුම් අපනයනයෙන් වාර්ෂිකව අමෙර්කානු ඩොලර් බිලියන 47ක වාර්ෂික ආදායමක් උපයන ලොව විශාලතම ඇඟලුම් නිෂ්පාදකයකු වන බංග්ලාදේශයේ සියලු අපනයන කටයුතු බිඳ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම වාර්ෂිකට අමෙරිකානු ඩොලර් බිලියන 14ක වෙළෙඳ ගනුදෙනු සිදුවන ඉන්දියාව සහ බංග්ලා- දේශය අතර දේශසීමාව අසල මේ වන විටත් භාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථ අතිවිශාල ප්‍රමාණයක් සිර වී ඇතැයි ද, රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වන තුරු දෙරට අතර භාණ්ඩ ප්‍රවාහනය මුළුමනින්ම බිඳ වැටී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මාසයකට ආසන්න කාලයක් පුරා බංග්ලාදේශයේ පැවැති සරසවි ශිෂ්‍ය අරගලය අගමැතිනිය ශෙයික් හසීනා සහ ඇගේ අවාමි ලීග් පක්ෂ රජය පෙරළා දැමීමත් සමඟ එරට ඇඟලුම් කර්මාන්තශාලා නැවත විවෘත කරන දිනයක පිළිබඳ ඇඟලුම් ක්ෂේත්‍රයේ ව්‍යාපා රකයන් අවසන් තීරණයකට පැමිණ නැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Exit mobile version