Site icon Gossip Kade

අපරාධකරුවන් රටින් තුරන් කරන එක පවක් නෙමෙයි! වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න!! ඇමති ටිරාන් කියයි.

අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය. 

ඒ මහතා මේ බව සඳහන් කලේ කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාව හදාරන ලද පොලිස් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලියේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය .

අපි ඔබලා වෙනුවෙන් හරි දේට පෙනී සිටිනවා.  මෙතන ඉන්න අය මොකක්ද කරන්න ඕන කියල දන්නවා.මොකක්ද අවශ්‍යතාවය කියලා හැමදේම දන්නවා. මේ කණ්ඩායම මදි වුනොත් තව පොලිස් යතුරුපැදී කණ්ඩායමක් පිහිටවනවා. අපිට ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කය මොකක්ද කියලා සියලු පොලිස් නිලධාරීන් දන්නවා.මට අවශ්‍ය ඒ ඉලක්කයට යන්න පමණයි.ඔබලා සියලු දෙනාටම පඩි වැඩි කිරීම් ඇතුළු හැම දෙයක්ම කලා . මම ඔබලාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඉලක්කයට යාම පමණයි.

Exit mobile version