Site icon Gossip Kade

අද දවස ඔබට කොහොම ද?

21.10.2024 සඳුදා

රාහු කාලය

අද : 07.27 සිට 08.57 දක්වා

හෙට : 02.57 සිට 04.27 දක්වා

මේෂ

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. තරමක් ක්‍රියාශීලි දිනකි. රාජකාරි ස්ථානවලද තරමක් අවුල් බවක් පෙනේ. අන් අයගේ අවශ්‍යතා මත ද ක්‍රියා කිරීමට වැය කිරීමට සිදුවෙයි. සිරස ගත රෝග, උෂ්ණ රෝග මතු කරයි.

ශුභ වර්ණය – දම්/ ජය අංකය – 07

වෘෂභ

ක්‍රියාකාරකම් බහුල වන අතර අන් අයගේ විවේචනයට ලක්වෙයි. දුරදිග බලා ක්‍රියා කළ යුතු අතර නොකළ වැරදි මතුවෙයි. චෝදනා එල්ල වීමට ඉඩ තිබේ. ඉවසීම වැදගත්. ස්නායුගත රෝග පීඩා මතුවෙයි.

ශුභ වර්ණය – අළු පැහැය/ ජය අංකය – 02

මිථුන

උනන්දුවෙන් තම ක්‍රියාකාරකම්වල යෙදේ. යටපත්ව තිබූ සතුරු බලපෑමක් මත සිත් චංචල කරවයි. තරමක් ආවේගශීලි ගති මතු කරයි. නමුත් ඉතාම දුර දිග බලා ක්‍රියා කළ යුතුය. සෙම් බහුල රෝග ද මතු වෙයි.

ශුභ වර්ණය – සුදු/ ජය අංකය – 08

කටක

ගමන් බිමන් තරමක් යෙදෙන අතර නිශ්ඵල ක්‍රියාද යෙදේ. අනවශ්‍ය ලෙස විය පැහැදම් ඇතිවෙයි. එම නිසා දුර දිග බලා ක්‍රියා කළ යුතු දුරස්ථ වූ තම ඥාතීන් සමීප වන කරුණු යෙදේ. මුත්‍රා ආසාදන රෝග සෑදේ.

ශුභ වර්ණය – කහ/ ජය අංකය – 04

සිංහ

කලබලකාරි වාතාවරණයක් යොමුවන අතර සුපුරුදු ක්‍රියාමාර්ගවල යෙදේ. ඥාති මිත්‍රාදීන් හා ඒකරාශීව ක්‍රියා කරයි. දුර ගමන්වලදී ප්‍රවේශම මැනවි. තරමක් වැයපස ඉහළ යන දිනකි. සිරස ගත රෝග මතු වෙයි.

ශුභ වර්ණය – තැඹිලි/ ජය අංකය – 01

කන්‍යා

ශුභා ශුභ ඵල මතු කරයි. කෙටි ගමන්වල යෙදෙන අතර තරමක් මිල මුදල් වැයවෙයි. පැරණි ගනුදෙනුවක් ආපසු ලැබේ. සබඳතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර දහමට ද ලැදිවෙයි. මුත්‍රා ආසාදන රෝගවලට හේතුයි.

ශුභ වර්ණය – කොළ/ ජය අංකය – 06

තුලා

ශුභා ශුභා ඵල සහිතයි. තම ඥාති මිත්‍රාදින් ඒකරාශිව ක්‍රියාකරයි. ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප කරවන ක්‍රියාවන්හි යෙදේ. බලාපොරොත්තු රහිතව මිල මුදල් ද වැය වන දිනකි. සෙම් කෝප රෝග ද මතු කරයි.

ශුභ වර්ණය – ක්‍රීම්/ ජය අංකය – 07

වෘශ්චික

රාජකාරි බහුල වීමෙන් අවිවේකය මතු කරයි. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. සතුරු බලපෑම් ද එල්ල වෙයි. සිත් චංචල කරවන ප්‍රශ්න මතු කරයි. යටපත්ව තිබූ රෝග ද මතු කරයි.

ශුභ වර්ණය – රතු/ ජය අංකය – 05

ධනු

ක්‍රියාකාරකම් බහුල වෙයි. ප්‍රීතිසාද උත්සව වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. ප්‍රේම සබඳතා ඇති වෙයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. මිල මුදල් තරමක් වැය වේ. උෂ්ණ රෝග මතු කරයි.

ශුභ වර්ණය – තද කහ/ ජය අංකය – 01

මකර

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. ඇසුරින් දුරස්ථ වූවන් හා බැඳේ. අමතර ලාභ ද ලබයි. මහජන ප්‍රසාදයට ලක්වන කරුණු කාරණා යෙදේ. ආගමට දහමට ලැදිව ක්‍රියාකරන දිනකි. සමේ රෝග, ආමාශගත රෝග මතු කරයි.

ශුභ වර්ණය – තද දුඹුරු/ ජය අංකය – 03

කුම්භ

ශුභා ශුභ ඵල දෙයි. තම ව්‍යාපාරවල ප්‍රගතියක් දැකගත හැකි අතර තරමක් ආදායම ද සරු වෙයි. නමුත් හදිසි තීරණ මත අවාසි සැලසේ. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. හදිසි රෝග, ආමාශගත රෝග මතු වේ.

ශුභ වර්ණය – නිල්/ ජය අංකය – 05

මීන

ගමන් බිමන් අධික වීමෙන් අවිවේකි වෙයි. බුද්ධිමත්ව සිතා බලා තීරණ ගත යුතු දිනකි. තම වටිනාකම ප්‍රදර්ශනය වන අතර ආගමික පුද පූජාවලට මුල් තැන දී ක්‍රියා කරයි. හදිසි ලාභ ද ලබයි. සෙම් කෝප රෝග මතු වේ.

ශුභ වර්ණය – රෝස/ ජය අංකය – 09

Exit mobile version