Site icon Gossip Kade

අද දවස ඔබට කොහොමද

10.10.2024 බ්‍රහස්පතින්දා

මේෂ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ප්‍රීති උත්සව, මංගල සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. වැයපස නොසිතු ලෙස ඉහළ යයි. සුළු ලාභද ලබයි. සිරසගත පීඩා මතු කරයි.

වෘෂභ

තරමක් ක්‍රියාකාරකම් බහුල වෙයි. දුර ගමන්ද විනෝද ගමන්ද යෙදෙන දිනකි. ඇසරින් දුරස්ථව සිටි තම ඥාතීන් සමීප වන කරුණු යෙදේ. තම ව්‍යාපාර කටයුතුවල පැහැදිලි දියුණුවක් පෙනේ. සන්ධි ඉදිමුම්, වාතාධික රෝගද මතුවේ.

මිථුන

ක්‍රියාකාරි දිනකි. ප්‍රීති සාද, උත්සව සභා ආදියෙහි යෙදේ. තම ඥාතී මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. තම අරමුණු තරමක් ජය දෙයි. විනෝදජනක ක්‍රියාකාරකම්වල ද යෙදේ. මුත්‍රා රෝග මතු වේ.

කටක

ශුභාශුභ ඵලදෙයි. තම ඥාතී මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. තම වටිනාකම ද ප්‍රදර්ශනය වන අතර රැකී රක්ෂා ස්ථානවල කැපි පෙනේ. තම ව්‍යාපාර ද ඉහළ මට්ටමක පවතින දිනකි. සෙම් බහුල කරන උෂ්ණ රෝග මතු කරයි.

සිංහ

ශුභවාදි ඵලගෙන දෙන අතර ක්‍රියාශීලි දිනකි. නව නිපැයුම් අලුත්වැඩියා සඳහා යොමුවෙයි. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදි නොවේ. නවක මිතුදම් ඇතිවෙයි. අමතර ලාභ මතුකරන අතර දත් රෝග, අක්ෂි රෝග මතුවේ.

කන්‍යා

ශුභාශුභ ඵල මතුකරයි. ගමන් බිමන් යෙදෙන අතර අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. ප්‍රීති සාදවලට යොමුවේ. නව මිතුදම් ඇතිවෙයි. තරමක් වැයපස ඉහළ යන අතර ආමාශගත රෝගද මතුවේ.

තුලා

ශුභවාදි ඵල මතුකරයි. ප්‍රීති සාද, උත්සව වැනි දේවල්වලට යොමුවෙයි. විනෝදජනක කටයුතු සඳහා යෙදෙන අතර වැයපස ද ඉහළ යයි. දහමට ළැදිව ක්‍රියාකරයි. ස්නායුගත රෝග මතුවෙයි.

වෘශ්චික

ශුභවාදි ඵල මතු කරයි. ප්‍රීති උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. තම ඥාතී මිත්‍රාදීන් සමග සුහදතාව වර්ධනය වෙයි. අලංකාර දෑ සඳහා වැයපස ඉහළ යන දිනකි. සෙම් ආසාදන රෝග මතුවෙයි.

ධනු

ශුභවාදී ඵලදෙයි. දහමට ළැදිව ක්‍රියාකරයි. තම ඥාතී මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියාකරයි. විනෝද ක්‍රියා හා ගමන් යෙදේ. නව මිතුදම් ඇතිවෙයි. මිල මුදල් වැයන දිනකි. පාද ආබාධ, සන්ධි රෝග සාදයි.

මකර

ශුභාශුභ ඵල දෙයි. උත්සව සැණකෙළි වැනි දේට සහභාගි වීමේ අවස්ථා යෙදේ. විනෝදජනක ක්‍රියාවල යෙදෙන අතර තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. අමතර ලාභ ලබයි. සෙම් බහුල වී රෝග මතුවෙයි.

කුම්භ

ගමන් බිමන් අධික වන අතර අවිවේකි දිනකි. පොදු සේවා කටයුතු, සමාජ සද්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. නිවස උත්සව ශ්‍රියාවක් ගෙනදෙයි. තම ඥාතී මිත්‍රාදීන් එක්ව ක්‍රියාකරයි. කොන්දේ අමාරු, වාතාධික රෝග මතුවේ.

මීන

ශුභවාදී ඵල ගෙනදෙයි. ව්‍යාපාර දියුණු වෙයි. රාජකාරිවලදී ක්‍රියාශීලී වෙයි. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. සෙම් රෝග, පෙණහලු ආශ්‍රිත රෝග වර්ධනය වෙයි.

Exit mobile version