Site icon Gossip Kade

සිංහරාජ රක්ෂිතය විනාශ කරමින් වල්ලපට්ටා ජාවාරම සිදුකරන ක්‍රීඩකයා!

සිංහරාජය විනාශ කරන ක්‍රීඩකයා! බලධාරීන් මර නින්දේ!සංරක්ෂිත වනාන්තරයක් මෙන්ම අතිසංවේදී පරිසර කලාප වලින් යුත් සිංහරාජයේ වල්ලපට්ටා ජාවාරම ජයටම කෙරී යන තිත්පොලක් බවට මේ වන විට පත්වී හමාරය..

දැනට මේ වන විට වල්ලපට්ටා හොඳින් වැඩුනු ගස් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් කපා පරිසර පද්ධතියම විනාශ වී ඇත්තේ වගකිව යුතු බලධාරීන් මර නින්දේ සිටියදීය.ගස් මෙපමණ විනාශ කරත් ගස් 100කින් අගාවුඩ් නැමැති කොටස තිබෙන්නේ ගස් 4ක හෝ 6ක ප්‍රමාණයකින්.ඉතිරි ගස් සියල්ලම නිකරුනේ විනාශ වී යයි.සිංහරාජයෙන් කපාගන්නා මෙම හොඳින් වැඩුන ගස් ප්‍රවාහනය කරන්නේ ක්‍රීඩකයෙකුට අයත් අයගම ප්‍රදේශයේ තිබෙන කර්මාන්ත ශාලාවක් වෙත බව ප්‍රදේශවාසීන් පවසයි.මෙම ක්‍රීඩකයා මෙලෙස අතිසංවේදී පරිසර පද්ධතියක් ක්‍රම ක්‍රමයෙන් විනාශ ක්‍රන තෙක් වගකිවයුතු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,පරිසර අමාත්‍යංශය ඇතුලු මධ්‍යම පරිසර අධිකාරිය නිහඩ පිලිවෙතක් අනුගමනය කරන්නේ ක්‍රීඩකයාට ඇති බිය නිසාද යන්න රටේ ජනතාවට මතුවන තවත් එක් ගැටලුවකි.මේ වන සංහාරය නතර කරන තෙක් අපද මේ පිළිබඳව තොරතුරු ඔබ වෙත නිරන්තරයෙන් ගෙන එන්නෙමු.

Exit mobile version