‘ස්කූල් වෑන් ගාස්තු අඩු කරන්න බැහැ’- ප්‍රවාහන සංගමය

0
11

ඉන්ධන මිල අඩු වුවද පාසල් සිසුන් ප්‍රවාහන රථ ගාස්තු අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය සඳහන් කරයි.

පසුගිය කාලයේ ඉන්ධන මිල වැඩි වූ අවස්ථාවන්වලදී ඊට අදාළ ගාස්තු වැඩි කිරීමක් නොකළ නිසාවෙන් මෙවර එසේ අඩු කිරීමට නොහැකි බව එම සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා ‘මව්බිම’ට පැවසීය.

මේ අතර, ඊට අදාළ ගාස්තු අඩු කිරීම පිළිබඳව සංගමයෙන් සඳහන් කළ ද බොහෝ අවස්ථාවන්වල එලෙස සිදු නොවන බව හෙතෙම අවධාරණය කළේ ය.

එසේ වනුයේ එය මව්පියන් සහ අදාළ රථ හිමියන් අතර ඇතිවන ගනුදෙනුවක් නිසාවෙන් බව සභාපතිවරයා සඳහන් කළේ ය.

ඩීසල් මිල 250 දක්වා අඩු වුවහොත් අය කරන මුදල්වලින් රුපියල් පන්සියයක්, අටසීයක් අතර මුදලක් අඩු කිරීමේ හැකියාවක් ඇති බව සිල්වා මහතා කීවේ ය.

ලබන වර හෝ එවැන්නක් සිදුවෙතැයි අපේක්ෂා කරන බව ත් එවිට ගාස්තු අඩු කරන්නට රියැදුරන්ගෙන් ඉල්ලා සිටින බව මල් ශ්‍රී ද සිල්වා මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

  • රවිශාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here