Site icon Gossip Kade

සජබ අපේක්‍ෂක ලැයිස්තුවේ තරුණයන්ට සහ කතුන්ට වැඩි තැනක්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීම වෙනුවෙන් තරුණ නියෝජනය ඉහළ දැමීමට නාම යෝජනා මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව සමගි ජන බලවේග පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ‘මව්බිම’ට පැවසීය.

සමගි ජන සන්ධානය මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා ලබාදීමේදී කාන්තාවන් සහ තරුණයන් සඳහා වැඩි අවස්ථාව ලබා දීමට පක්ෂය තීරණය කළ බව ඒ මහතා පැවැසීය.

තරුණ නායකත්වය ගොඩනැගීම බිම් මට්ටමේ පාක්ෂිකයන්ගේ මතය වී ඇති බැවින් එම යෝජනාවලට සවන් දී මෙම තීරණය ගෙන ඇති බව ඔහු කීවේ ය.

මේ අනුව, කාන්තාවන් හා තරුණයන් ඇතුළත් වන ලෙස නවතම අපේක්ෂකයන් තිදෙනෙකු හෝ දිස්ත්‍රික්කයකින් පත් කිරීමට කටයුතු කරන බව ඒ මහතා පැවසීය.

ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානය නියෝජනය කළ පක්ෂ සමග එකතු වී මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහාත් තරග කරන බව ඔහු කීය.

සමගි ජන සන්ධානය සමග අලුතෙන් සන්ධානගත වන පක්ෂ මොනවාදැයි සාකච්ඡා කර බලා ඉදිරියේදී දැනුම්දෙන බව මද්දුමබණ්ඩාර මහතා කීවේ ය.

Exit mobile version