Site icon Gossip Kade

විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක්.. – පොලීසිය

විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මැදපෙරදිග මෙන්ම නැගෙනහිර යුරෝපයේ පවතින යුධමය වාතාවරණය සැළකිල්ලට ගෙන විදේශිකයින්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

ඒ, ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක ආමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලීසිය හා බුද්ධි අංශ ඒකාබද්ධවයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඕනෑම සංචාරකයෙකුට ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවන ගැටලුවක් පිළිබදව 1997 කෙටි දුරකථන අංකයට දැනුම් දීමේ අවස්ථාව අද සිට සලසා ඇති බවයි.

පොලීසිය නිකුත් කළ නිවේදනය මෙසේය..

Exit mobile version