Site icon Gossip Kade

රනිල් වෙනත් ගේමකට සැරසෙයි

මැතිවරණ නීතිය ක්‍රියාත්මක ව තිබියදී රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් පත් කිරීම, මාරු කිරීම හෝ ඉවත් කිරීම සිදු කළ නොහැකි වටපිටාවක අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ තිබෙන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධුරයෙන් වෙනුර ප්‍රනාන්දු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.

මෙම ඉවත් කිරීමට ආසන්න ම හේතුව වී ඇත්තේ පරිසර සක්‍යතා අධ්‍යයන වාර්තාවකින් තොරව විදේශ ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබා නොදීම බව හෙළි වී ඇත. එම ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දීය ආයෝජකයෙකුට ලබා දී ඇතැයි මේ වනවිට හෙළි වී තිබේ.

මේ පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ වෘත්තීය සංගම් 5ක් ඒකාබද්ධ ව මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කර තිබෙන්නේ නීති විරෝධී පාරිසරික හානිවල නියැලී සිටින පුද්ගලයන්ගේ තරාතිරම නොබලා කටයුතු කිරීමට හිටපු සභාපතිවරයා ක්‍රියා කර ඇති බව ය.

Exit mobile version