රෝහිතට රනිල්ගෙන් රත්තරන් බලපත්‍රයක්!අද (04) දින පොදු ජන පෙරමුණේ කැඳවුම්කරු ලෙස කටයුතු කරමින් සිටි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහයෝගය පල කරමින් රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ව්‍යාපාරය හා සම්බන්ධ විය.දේශපාලන ආරංචි මාර්ග අනුව මෙලෙස පක්ෂය හැරදා යාමට රෝහිත අබේගුණවර්ධනහට බල පෑ ආසන්නම සිදු වීමනම් රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට පෙර රත්තරන් පිරිපහදු කිරීමේ බලපත්‍රයක් ඔහු වෙත ලබා දීමයි.මින් දින කිහිපයකට පෙර මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන තමන්ගේ පාර්ලිමේන්තු ගමනට වසර 27ක් පිරීම නිමිත්තෙන් විශාල පිරිවැයක් දරා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හටද ආරාධනාකර උත්කර්ෂවත් අන්දමින් උත්සවයක් සංවිධානය කලේ රෝහිත හට ජනාධිපති පාර්ශවයෙන් ලැබුණු රත්තරන් පිරිපහදු කිරීමේ කිරීමේ බලපත්‍රය ලබාගෙන ඒත් සමඟින් තමන්ගේ බලය රනිල් වික්‍රමසිංහ හට පෙන්වා ජනාධිපති ඉදිරියේ චරිතය ඉහළ නංවා ගැනීමට බව ආරංචි මාර්ග සදහන් කරයි.තවද මෙම පිල් මාරුව වෙනුවෙන් රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාට මිලියන 200ක් මුදලක් ලබාදී ඇති බවද සදහන් කර ඇත.මේ පිලිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කල් තියාම දැනගෙන සිටි බවත් මේ සමඟින් පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රීක් නායකත්වයද තරුණයෙකු වෙත පැවරීමට එම පක්ෂ අභ්‍යන්තරයේ දැනටමත් සකච්ඡාවන බවත් එම ආරංචිමාර්ග වැඩි දුරටත් පෙන්වා දී තිබේ..